කොරෝනා රෝගියෙක් දෝහා වලින් ලංකාවට හරවා එවයි !

කොරෝනා රෝගියෙක් දෝහා වලින් ලංකාවට හරවා එවයි !

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත හරවා එවා තිබේ. ඔහු ඉන්දීය ජාතික නාවිකයෙක් වන අතර පසුගිය 17 වැනිදා මෙම පුද්ගලයා ඇතුළු 69 දෙනෙකු මුම්බායි නුවර සිටි පැමිණි විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන් මගීන් 54 දෙනෙකු කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය සඳහා යොමුකර ඇති අතර ඉතරි 15 දෙනෙකු කටාර් බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී මෙම පුද්ගලයාට වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් මෙම අවස්ථාවේ නොමැති වීම හේතුවෙන් ඔහු පැමිණි ගුවන් යානයෙන්ම නැවත කටුනායක ගුවන් තොටුපොල වෙත හරවා එවා තිබේ. මේ වන විට මෙම ගුවන් මගියා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වයි.