ගිනිගත් Press Pearl නෞකාවේ වර්තමාන තත්ත්වය

Previous Next

පසුගිය 20 වැනිදා කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9 . 5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක්වූ MV X-Press Pearl නෞකාවෙ ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් කටයුතු තව දුරටත් ක්‍රියාත්මක අතර ඊට සහය දැක්වීමට ඉන්දීය යාත්‍රා කිහිපයක්ද එක්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් සහ තවත් ද්‍රව්‍ය කොටස් මමීගමුව සහ අවට වෙරළට ගසා ගෙන විත් පැමණි අතර එම ද්‍රව්‍ය එක්රැස් කිරීමට අද ඇතැම් පිරිස් කටයුතු කර තිබුණා.
එම ද්‍රව්‍ය කොටස්හි රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් ස්පර්ශ කරීම සහ රැස් කිරීම නොකරන ලෙස ජනතාවට දැනුම් දී තිබුණා.

එම උපදෙස් නොතකා ද්‍රව්‍ය රැස්කල පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා තිබෙනවා.

එම නැවේ අබලි ද්‍රව්‍ය තව දුරටත් පාවී එනු ඇතැයි අපේක්ෂා කෙරෙන
දික්ඕවිට සිට හලාවත සහ වැල්ලවත්ත සිට පානදුර දක්වා මුහුදු තීරයේ විශේෂ හමුදා ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.