හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට නොතිසි !

හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට නොතිසි !

 රාජිත සේනාරත්න , පාඨලී චම්පික රණවක , අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය කොමිසමට කළ පැමිණිල්ලකට ආදාළව ඔක්තෝබර් 21 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

මේ අතර එදිනම හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපූ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට ද එදිනම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කෙරිණි. ඇවන්ගාඩ් හෙවත් පාවෙන අවි ගබඩාව සම්බන්ධ විමර්ෂණ කටයුතු වලට අදාළව මෙසේ නොතිසි නිකුත් කර තිබේ.