ජනාධිපති සමාව හිමි වූ ජුඩ් ශ්‍රමන්තට විදෙස්ගතවීම තහනම් !

ජනාධිපති සමාව හිමි වූ ජුඩ් ශ්‍රමන්තට  විදෙස්ගතවීම තහනම් !

මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති සමාව හිමි වූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට විදේශ ගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය (අද) නොවැම්බර් 29 අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට අධිකරණයෙන් නියමකර තිබූ මරණ දඬුවම අහෝසිකර ඔහු නිදහස්කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව විසින් පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි. එම පෙත්සම අද (29) සළකා බැලු අවස්ථාවේදී බුවනෙක අළුවිහාරේ , විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.