ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ බුද්ධි නිළධාරින් 07 කට නඩු !

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ බුද්ධි නිළධාරින් 07 කට නඩු !

 2009 අගොස්තු මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිළධාරින් 07 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත. ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිළධාරියාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ලුතිනන් කර්නල් ප‍්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, එස්.කේ. උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නමැති යුද හමුදා නිළධාරීන්ට එරෙහිව නීතීපතිවරයා විසින් හෝමාගම මහාධිකරණය හමුවේ මෙම නඩු පවරා ඇති බව නීතීපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.