ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන්   මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 78 වන වියෙහි පසුවිය.

 

IMG 20200417 225449 

1941 වසරේ නොවැම්බර් මස 29 වැනි දින උපත ලද දයා බණ්ඩාර තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. හන්තානේ කතාව සිනමා පටයේ නාථගේ චරිතය නිරූපණය කරමින් කලා කේෂත්‍රයට පිවිසි මොහු ගුවන් විදුලිය, රූපවාහිනිය, රිදී තිරය, වේදිකාව එක ලෙස ස්පර්ශ කර ඇති කලාකරුවෙකි.

බඹරු ඇවිත්, අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්,සොල්දාදුඋන්නැහේ,සෙයිලම,කරුමක්කාරයෝ ,කිණිහිරියා මල් ඇතුළු සම්මානනීය සිනමා පට රැසකට සිය රංගන දායකත්වය ලබාදී   ඇති මෙම රංගවේදියා පුංචි තිරය ඔස්සෙ සිය බිරිඳ වන ග්‍රේස් රියවිමල් සමග එක්ව රගපෑ තට්ටු ගෙවල් ටෙලි නාට්‍ය තුලින් වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගත්තේය. එමෙන්ම වේදිකාව ඔස්සෙ බෝසතාණෙනි, කොරා සහ අන්ධයා, හිත හොද අම්මණ්ඩි වැනි වේදිකා නාට්‍ය රාශියකට ද ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 19වන  ඉරිදා පෙරවරු 11.00 ට මාලඹේ තලාහේනේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

FB IMG 1587187118821