පකිස්ථානයේ ප්‍රථම කොරෝනා ආසාදිතයා මරුට !

 පකිස්ථානයේ ප්‍රථම කොරෝනා ආසාදිතයා මරුට !

පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිතයා මරණයට පත් වී ඇති බව වාර්තා වෙයි. වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ දිනයේම ඔහු මියගිය බව බලධාරීහු පවසති.

වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ තිබේ. මේ වන විට පකිස්ථානයේ කොරෝනා වෛරසය තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 750කි.