ඇප නෑ ! මාව මරලා එල්ලපියව් !! - රන්ජන් කියයි

ඇප නෑ ! මාව මරලා එල්ලපියව් !! - රන්ජන් කියයි

 එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  පෙබරවාරි 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතව තැබීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ඊයේ (12) නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරයා පෙබරවාරි 26 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

හඬපට සිදුවීමට අදාලව බන්ධනාගාර ගත කර සිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර සැකකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මාධ්‍ය වෙත යම් යම් නිවේදන නිකුත් කිරීම නිසා වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට එයින් යම් බලපෑමක් ඇති වේ යැයි සඳහන් කරමින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදු කර තිබේ. එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවත රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේ,

" ඇත්ත කතාකරොත් මේක තමයි ලංකාවේ තත්වේ. මට දිගටම ඇප නෑ. මම හොරකම් කළේ නෑ. මැරකම් කළේ නෑ. දූෂණය කරලා නෑ. මම හොරුන්ව අනාවරණය කරන්න ගිහින් මේක වුණේ. මේක තමයි ලංකාවේ තිත්ත ඇත්ත. මේක නරක පූර්වාදර්ශයක්. ඇත්ත කතාකරන මිනිහව, හොරුන්ව ඇතුලට දාන්න හදන මිනිහව හිරේ දානවා. එක තමයි ලංකාවේ නීතිය. "

එහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඔහු කියා සිටියේ ඇත්ත කතාකරන එහෙම මිනිහව මරල එල්ලපියව් යනුවෙනි.