ගෑස් ප්‍රශ්ණයක් නෑ ! - අමාත්‍ය හැරිසන් කියයි.

ගෑස් ප්‍රශ්ණයක් නෑ ! - අමාත්‍ය හැරිසන් කියයි.

පසුගිය දවස්වල ඇතිවූ ගෑස් හිඟය අවසන් බවට ගෑස් සමාගම් සහතික වූ බවත් කිසිදු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවත් ඊයේ (05) මුදල් අමාත්‍යාංශයේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේය.
ගෑස් මිල අඩුවීම නිසා විශාල ඉල්ලුමක් ඇතිවීමත් සමග ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නැව් ගමනාගමනයට බාධා එල්ලවීම දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් ප්‍රමාණය අඩුවීමට හේතු වූ බවත්, උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය ගෑස් තොග මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

මේ අතර ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේ දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෘහස්ත ගෑස් සිලිංඩර් සංඛ්‍යාව 75,000 සිට 100,000 දක්වා ඉහළ නංවමින් පවතින බවයි. ලාෆ්ස් ගෑස් සමාගම කියා සිටියේ දෛනික ගෑස් නිකුතුව 35%කින් ඉහළ දමමින් ගෑස් හිගය අවසන් කිරීමට කටයුතු කරන බවයි.