නිර්භයා ඝාතනය කළ දිල්ලි දූෂකයන් එල්ලයි !

නිර්භයා ඝාතනය කළ දිල්ලි දූෂකයන් එල්ලයි !

ජෝති සිං හෙවත් "නිර්භයා" දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටින අපරාධකරුවන් සිවුදෙනාට අද උදෑසන මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.

32 හැවිරිදි මුකේෂ් සිං, 25 හැවිරිදි පවන් ගුප්තා, 26 හැවිරිදි වීනේ ෂර්මා, සහ 31 හැවිරිදි ආක්ෂේ කුමාර් සිං යන සිවුදෙනා  තිහාර් සිරගෙදරදී මෙලෙස එල්ලා මරා දැමුණේ,  2012 වසරේදී දෙසැම්බර් 16 වැනිදා දිල්ලි නගරයේ බස් රියක් තුළදී 23 හැවිරිදි ජෝති සිංට සහ ඇගේ මිතුරෙකුට පහර දී, තරුණියව දූෂණය කර කිරීම, මාරාන්තික තුවාල සිදුකිරීම සහ මරණයට පත්කිරීම හේතුවනි.

දූෂණය කිරීමෙන් පසු බසයෙන් ඉවතට විසිකරනු ලැබූ ඇය දෙසැම්බර් 29 වැනිදා මරණයට පත් විය. මේ සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔවුන්ට දිල්ලි මහාධිකරණය මරණ දඬුවම ලබා දීමට තීරණය කර කළේ 2013 වසරේදී ය.

2015 වසරෙන් පසු පළමු වරට තිහාර් බන්ධනාගාරයේදී මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.