New Diamond නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත සහය !

New Diamond නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත සහය !

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව වෙත බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් පැමිණීමට නියමිතය. 10 දෙනෙකුගෙන් යුත් එම පිරිස අද (7) උදෑසන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ය.

මෙහි මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුළත්ව ඇති අතර නාවික හමුදාව විසින් එම කණ්ඩායම කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශවෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ.