New Diamond නෞකාවේ සේවකයෙකු මරුට !

New Diamond නෞකාවේ සේවකයෙකු මරුට !

ගිනි ගනිමින් ඇති New Diamond තෙල් නෞකාවේ බොයිලේරුවේ සේවය කළ පුද්ගලයක මියගොස් ඇති බවට වාර්තා වෙයි.

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව ඊයේ (03) පෙරවරුවේ ගිනි ගැනීමට ලක් වූ අතර නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව මෙම ගින්න හටගෙන තිබූ බවයි. එම අවස්ථාවේ නෞකාවේ ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් සහ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක පමණ ප්‍රවාහනය කරමින් තිබුණේ කුවේටයේ සිට ඉන්දියාව දක්වායි.

සංගමන් කන්දට ආසන්න මුහුදේදී සිදු වූ සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ හටගත් මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

ගින්න නිවීම සඳහා අදාළ නෞකාව අයත් සමාගමේ නෞකාවක් ද එම ස්ථානයට පැමිණ තිබේ.