මිනුවන්ගොඩ පොලීසියේ රාජකාරි යළි ඇරඹෙයි !

මිනුවන්ගොඩ පොලීසියේ රාජකාරි යළි ඇරඹෙයි !

තාවකාලිකව වසා දැමුණු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය. ඊයේ දිනයේදී පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන යන අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබිණි. මේ වනවිට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 80 දෙනෙකු පමණ යොදවා ඇති බව ඔහු සඳහන් කළේය. විෂබීජහරණය කිරීමන් අනතුරුව මෙලෙස මිනුවන්ගොඩ පොලීසියේ කටයුතු නැවත අරඹා තිබේ.