අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනට !

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනට !

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද (27) දිවයිනට  පැමිණ තිබේ. ඔහු සිය සංචාරය තුළදි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට  නියමිතය.

දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ තිබේ.

ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක නිරත වන පොම්පේයෝ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන එරට ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියාද වෙයි. රාජ්‍ය ලේකම්වරයා හෙට (28) දිනය දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය.