මනෝ, හකීම් හා පාඨලී සජිත්ගේ හද ගනී !

මනෝ, හකීම් හා පාඨලී සජිත්ගේ හද ගනී !

ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා තමන් දායක වන බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බවත් ජාතික හෙළ උරුමය, දමිල ප්‍රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ව්‍යාජය සහ ප්‍රලාප තුළින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කර ඇති වත්මන් ආණ්ඩුව පරාජය කර ශක්තිමත්, ප්‍රගතිශීලි හා ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහි කරන සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වන බව ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක, දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අවධාරණය කර සිටියි.

එම මාධ්‍ය නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනතා බලාපොරොත්තුවලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරදුර වගකීම තමන්ට පැවරී ඇති බවයි.