මෛත්‍රීගේ තීන්දුව අද පෙරවරු 11 ට !

මෛත්‍රීගේ තීන්දුව අද පෙරවරු 11 ට !
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව, අද (06) පෙරවරු 11.00 ට රටට දැනුම් දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි. තම පක්ෂය වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද හෙතෙම කියා සිටියි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක  රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්විණි.