හෙට (16) සිට මංතීරු නීතියේ වෙනසක් !

හෙට (16) සිට මංතීරු නීතියේ වෙනසක් !

රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතියේ වෙනසක් සිදු කර තිබේ. ඒ අනුව පොලිසිය පවසා සිටින්නේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බවයි. මෙම මංතීරු නීතිය ඊයේ (14) දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද පැමිණ සිටියේය.

මංතීරු නීතිය අද (14) සිට අකුරට !