කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් නිරෝධායනයට !

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් නිරෝධායනයට !

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළු 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ. කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත සඳහන් කළේය. මේ වන විට අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති අතර රෝහලට පැමිණෙන සියලු දෙනා අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ප්‍රදේශවාසින්ට අවධාරණය කරයි.