"අමරේ මම මහින්ද, භය නැතුව එළියට එන්න" මරණ දඬුවම නියම වූ ජූලම්පිටියේ අමරේ ගැන පරණ කතාවක් !

"අමරේ මම මහින්ද, භය නැතුව එළියට එන්න" මරණ දඬුවම නියම වූ ජූලම්පිටියේ අමරේ ගැන පරණ කතාවක් !

පාතාලය ගැන දැන් කෑ ගසන මහින්දලා එදා පාතාලය හුරතල් කළ හැටි මහින්දලාටම අමතකය. ඝාතන 22 - ස්ත්‍රී දූෂණ 11 - කොල්ලකෑම් 13කට සම්බන්ධ පාතාල ලෝකයේ 'රජෙක්' තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේය. වලස්මුල්ල, මිද්දෙණිය, තංගල්ල, වීරකැටිය, ගල්හේන්ගොඩ, තණමල්විල ජනතාව භීතියෙන් මුසපත් කළ 'ප්‍රභාකරන්' ඔහුය. ඔහු ප්‍රකට 'ජූලම්පිටියේ අමරේ' නමින්ය. ගීගනගමගේ අමරසේන හෙවත් ජූලම්පිටියේ අමරේ කියාත් ඔහුට කියන්නේය.

2002 ජුනි කෙළවර ඔහු 'තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් පටන් ගත්තේය. කැරැල්ල දරුණු වෙත්ම ඔහු බලන්නට 2002 ජූලි 01 වෙනිදා, එක්තරා පුද්ගලයෙක් බන්ධනාගාරයට ආවේය. “අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එළියට එන්න" කටහඬින් ඒ කවුදැයි හඳුනාගත් අමරේ එළියට ආවේය. අමුත්තා 'මහින්ද රාජපක්ෂ' ය.

නාටකයක් වගේ පෙනුණත් මේ කතාව ඇත්තය.

එවක ඔහු විපක්ෂ නායකයාය. පසුව ඔහු මෙරට විධායක ජනපතිය. එකල අමරේ නිදැල්ලේ හුන් පාතාල සෙන්පතියෙක්ය.

පොලිසියට යුද හමුදාවට, පොලිස් විශේෂ කාර්ය බළකායට හෝ අධිකරණයට මෙල්ල කළ නොහැකි දඩ බල්ලෙක් පරිද්දෙන් 'අමරේ' සැරිසැරුවේය. ටී. 56 අවිය අත දරාගෙන හෙතෙම යුව රජෙක් පරිද්දෙන් සැරිසැරුවේය. පාලකයාගේත්, ඔහුගේ පුතුන්ගේත් 'ආශීර්වාදයෙන්' හෙතෙම ස්වකීය 'තක්කඩිකම්' සුවපහසුවෙන්ම කරගෙන ගියේය. යුද හමුදා ඇඳුමින් සැරසී ටී 56 ගිනි අවියක් සහිත ව මහ දවල් දඩාවතේ ඇවිදින ඔහු වෙඩි නොවදින ඇඳුමක්, ටී. 56 ගිනි අවි කිහිපයක්, වෙඩි නොවදින හෙල්මටයක් ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන මිනියුසි වර්ගයේ ගිනිඅවියක් සහ අත්බෝම්බද සන්තකව සිටියේය. ගෝඨලාගේ 'හයියෙන්' පාතාලය මඬින බවට පුරසාරම් දොඩමින් ව්‍යාජයක් මවන අතරේ අමරෙලාට 'කිරි පෙවුවේ' රාජපක්ෂලාය.

'ඔහු එවක පාතාලය මර්දනය කළේය. ඒ තමන්ට එරෙහි සහ තමන්ට තර්ජනයක් වෙතැයි සිතූ පාතාලයේ පිරිස් පමණක්ය. 'නමුත්' හිතමිතුරු පාතාලයට' ඔවුහු විටමින් සහිත පෝෂ්‍යදායී ආහාර ලබා දුන්හ. එමතු නොව, එවක අමරේලා සිය පාතාල තක්කඩිකම්වලට අවට විහාර කිහිපයක චීවරධාරීන්ද සම්බන්ධ කර ගත්හ. ඒ විහාර අමරේගේ අවි සහ රහස් රකින තිප්පොළවල් බවට පත්ව තිබිණ. 1998.06.08 දින ජූලම්පිටිය අන්දිරිස්වත්ත නිවසේ සිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ අබේවර්ධන කංකානම්ගේ කීර්ති නිවසට නුදුරින් මහපාරේදී මරා හිස කඳන් වෙන් කරන්නට මැදිහත් වූයේ 'අමරේ' ය. මියගිය සෙබළාට උත්තමාචාර දීමට පාබල හමුදා බට පිරිසක් කීර්තිගේ නිවසට පැමිණියේය. එදින රාත්‍රී සෙබළාගේ නිවසට පැමිණි අමරේ අත්බෝම්බයක් දමා ගැසීය.

මළගෙදර උන් සියල්ලන් සීසී කඩ විසිර ගිය අතර හමුදා අනුඛණ්ඩය තමන් ආ බසයේම නැඟී යළි කොළඹ ගියේ 'මහ රජාණන්ගේ අඩවියේ' 'අමරේ' යුව රජු හින්දාය.

අමරේගේ 'හයියෙන්' සදාකාලික අබ්බගාතයන් කළ පිරිස 61ට වැඩි බව කියැවේ. අබේවර්ධන කංකානම්ගේ සිරිසේන (65) හෙවත් අන්දිරිස් පුංචි මහතා මිය ගිය සෙබලාගේ පියාය. පුතාගේ මරණයට යුක්තිය ඉල්ලූ ඔහුට ජූලම්පිටිය අමරේ සිය ගෝලයන් ලවා 'මරණ වරෙන්තුව' ගෙනාවේය. 2008.02.24 දින ඔහුව මරා දැම්මේය; වෙඩි වැදුණු මව තවමත් අබ්බගාතය; ගේ ගිනි තැබූ අතර ඒවාට නඩු නැත. පසු කලෙක, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු වෙනුවෙන් සරොම් ලබාදීමට ඉදිරිපත් වූයේද රාජපක්ෂලා විසින් පෝෂණය කරමින් ආරක්ෂා කරමින් හැඩි දැඩි කළ ජූලම්පිටියේ අමරේය.

 

| මොහොමඩ් සිල්මි | රැස පුවත්පත සම්පාධනය කළ ලිපියක් ඇසුරෙනි |