ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම !

 ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම !

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරිමේ චෝදනාවට වරදකරු වු ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට අද (07) තංගල්ල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කළේය. 2012 වසරේ ජුනි මාසයේ 15 වන දින කටුවන හැඩිවත්තේ පැවති ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමකට ජූලම්පිටියේ අමරේ නමැත්තා විසින් එලෙස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එයින් කටුවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ අවුරුදු 18 ක තරුණයෙක් මිය ගියේය. අද නඩුව කැඳවූ අවස්ථාවේදී තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.