ජාතික ජනබලවේගයට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් !

ජාතික ජනබලවේගයට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් !

අනුර කුමාර දිසානායකව ජනාධිපති අපේක්ෂකයා බවට නම් කරමින් ඇරඹි ජාතික ජන බලවේගයේ මහජන රැළියෙන් අනතුරුව ජාතික ජන බලවේගයට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වෙයි. රූපවාහිනී, පුවත්පත් හා සමාජමාධ්‍ය වලද විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් මෙම මෙහෙයුම දියත් වෙමින් පවතියි. ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙකු comrade.lk වෙත අදහස් දක්වමින් කියා සිටියේ පොදුජන පෙරමුණ සහ එජාපයේ හිතවාදීන් මෙන්ම විකල්ප බලවේග යැයි කියාගන්නා කණ්ඩායම් විසින් ද වෙන වෙනම ද යම් එකඟතාවයන් වලින් යුතුවද අවලාද, අසත්‍ය ප්‍රචාර, සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූප, චරිත ඝාතන ආදිය යොදා ගනිමින් මෙම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බවයි.