පාඨලීට අධිචෝදනා !

පාඨලීට අධිචෝදනා !

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කර පළායාම, රියැදුරු මාරු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩු පවරා තිබේ. අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති අතර විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 02 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කර ලෙසද රජය නියෝජ සොලිසිටර් ජනරාල් වරයාට නියෝග කර තිබේ.