IDH රෝහලේ රෝගීන් ප්‍රමාණය උපරිම මට්ටමට ලඟා වෙයි !

IDH රෝහලේ  රෝගීන් ප්‍රමාණය උපරිම මට්ටමට ලඟා වෙයි !

කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ගත හැකි රෝගීන් සංඛ්‍යාව මේ වන විට උපරිම මට්ටමට පැමිණ ඇති බව එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි. රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් ගණන 140 වන අතර අලුතින් රෝගීන් ඇතුළත් කරගැනීමට නම් දැනට සුවය ලබා ඒ සම්බන්ධයෙන් වන වාර්තා ලැබෙන තුරු රඳවා ගෙන සිටින පිරිස වෙනත් රෝහලක් වෙත යොමු කිරීමට අවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබේ.