මං තීරු නීතිය සාර්ථකයි ! - පොලිස් රථ වාහන අංශය

මං තීරු නීතිය සාර්ථකයි ! - පොලිස් රථ වාහන අංශය

අද (23) සිට බස් ප්‍රමුඛතා මං තීරුව බස්රථ, කාර්යාල ප්‍රවාහන හා පාසල් වෑන් රථ සඳහා පමණක් සීමා කීරිමට ගත් තීරණය සාර්ථක බව පොලිස් රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පවසයි. මං තීරු නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වන බව සොයා බැලීම සඳහා අතිරේක නිලධාරීන් මාර්ග දෙපස රාජකාරි සඳහා යොදවා ඇති බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොළඹ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 1000 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ලබන සෙනසුරාදා (26) පොලිස් කෂේත්‍ර බලකා මූලස්ථානයට කැඳවා උපදෙස් ලබා දෙන බවත් ය.