හිරුනිකාට සිතාසි !

හිරුනිකාට සිතාසි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න අද (17) නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී සිතාසි නිකුත් කර තිබේ. ඒ අද දිනයේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙලෙස සිතාසි නිකුත් කර ඇති අතර සිතාසිය අද (17) දිනම ක්‍රියාත්මක කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබේ.