පූජිත්, හේමසිරි 17 තෙක් යළි රිමාන්ඩ් !

පූජිත්, හේමසිරි 17 තෙක් යළි රිමාන්ඩ් !

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර දෙසැම්බර් මස 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (3) නියම කළේය. ඔවුන් අද (3) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් මෙම නියෝගය සිදු කර තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.