හේමසිරි, පූජිත් 23තෙක් රිමාන්ඩ් !

හේමසිරි, පූජිත් 23තෙක් රිමාන්ඩ් !

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

ඔවුන්ට මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි අද (09) කොළඹ ප්‍රධාන මහාධිකරණය තීරණය කළ අතර කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි පැවසුවේ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.