හේමසිරි,පූජිත් යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග !

හේමසිරි,පූජිත් යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් නොවැම්බර් 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (6) නියෝග කළේය. අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය පිළිගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.