ගෝඨා, මෝදි හමුවෙයි !

ගෝඨා, මෝදි හමුවෙයි !

ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (අද) නොවැම්බර් 29 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙහිදී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි. එමෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී දෙරටට වැදගත් ආරක්ෂක දේශපාලන හා ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරනු ඇති බවයි.

එමෙන්ම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හමු වී සාකච්ඡාවක නිරත වී තිබේ.