ගෝඨා, සජිත්ට සහය දෙන ඩමි අපේක්ෂකයින් හඳුනාගැනේ ! දැඩි ක්‍රියාමාර්ග ගන්නවායි මැකො කියයි !!

ගෝඨා, සජිත්ට සහය දෙන ඩමි අපේක්ෂකයින් හඳුනාගැනේ ! දැඩි ක්‍රියාමාර්ග ගන්නවායි මැකො කියයි !!

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇති බවත් එම අපේක්ෂකයින් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (04) “ඬේලි මිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදී ඇති අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් 7 දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ ඩමි අපේක්ෂකයන් බවත්, අපේක්ෂකයන් 6 දෙනෙකු සජිත් පේ‍්‍රමදාසගේ ඩමි අපේක්ෂකයින් බවත් අනාවරණය වී තිබේ. මෙම අපේක්ෂකයන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බවද කොමිසමේ නිළධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කර තිබේ. ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වී තිබෙන වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව මෙවර ඉදිරිපත් වී සිටින අතර ඒ නිසාම අනුමාන කළාටත් වඩා අමතර රුපියල් කෝටි ගණනක් වැයකිරීමට සිදුවී ඇති බව මැතිවරණ කොමිසම කියා ඇත. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්දය ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට සියළු අපේක්ෂකයන් නියෝජිතයන් පත් කළහොත් ඉඩ ලබාගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයද ඔවුන්ට පැන නැගී තිබුණි. මෙවැනි සිදුවීම් වැළක්වීමට නම් මැතිවරණවලට තරග කිරීමේදී තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම සිදු කළ යුතු බව මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස්වරයා තවමත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය පල කරන අපේක්ෂකයන් කවුරුන්ද යන්න හෙළි කර නැත.

අපේක්ෂක ලැයිස්තුවේ ඩමි 12ක් ! ගෝඨාට 7යි සජිත්ට 5යි !!