ගෝඨාගේ පැමිණීමෙන් කොළඹ කැළඹේ !!

ගෝඨාගේ පැමිණීමෙන් කොළඹ කැළඹේ !!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමත් සමඟ අනෙකුත් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ කැළඹීමක් සිදු වී ඇති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (11) පැවති පොදුජන පෙරමුණේ මහ සම්මේලනයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකත්වයට නම් කෙරූ අතර ඔහු කියා සිටියේ පොදුජන පෙරමුණේ ප්‍රබලතම අපේක්ෂකයා තමන් විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් ඊට සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බවත් ය. මෙයින් පසු එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක් ඇති වී ඇති අතර බොහෝ දෙනෙක් විශ්වාස කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂව ඊයේ දිනයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන බවටයි. අද (12) සවස බදුල්ලේ දී පැවැත්වීමට නියමිත එජාප රැළියේ දී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සුදානම් බවත් වාර්තා වෙයි. නමුත් තවමත් එජාප අභ්‍යන්තරයේ සජිත් විරෝධී කඳවුරෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික කඳවුරු තුළ ද ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමට තවමත් නිශ්චිත අපේක්ෂකයෙක් නම් කර නැත.