බුද්ධ ශාසන ඇමති අද ජනපති කොමිසමට !

බුද්ධ ශාසන ඇමති අද ජනපති කොමිසමට !

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අද(13) පෙරවරු 9.30ට වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත. මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදු වී ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් හිටපු උසස් අධ්‍යාපන ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ විසින් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළ අතර වංචා හා දුෂණ සිදුවූ කාලය තුළ ගාමිණී ජයවික්‍රම අමාත්‍යවරයා එම අරමුදලේ නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා ඔහුව කැඳවා ඇත. විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිළදී ගැනිමේදි සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදි සිදුවු වංචා දුෂණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටියට ද අද පෙරවරු 8.00 ට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.