‘ගැහැනු පිරිමි මල් පලතුරු’ සංවාදයට අගෝස්තු 14 එන්න !

‘ගැහැනු පිරිමි මල් පලතුරු’ සංවාදයට අගෝස්තු 14 එන්න !

ප්‍රවීන කවියකු සහ කෙටිකතාකරුවකු වන ඉසුරු චාමර සෝමවීරගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ කෘතිය පදනම් කරගත් සහෘද කතිකාවතක් අගෝස්තු මස 14 වැනිදා පස්වරු 3.30 නුගේගොඩ විජේරාමයේ ‘රෝයල් තැප්‍රොබේන්’  පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය.‘ Grantha.lk ’ විසින් සංවිධානය කෙරෙන මෙම සංවාදයේදී ප්‍රවීන ලේඛකයන් කිහිප දෙනෙකුම කෙටිකතා භාවිතය පිළිබඳව අදහස් දැක්වීමට නියමිත අතර ඉසුරුගේ නිර්මාණ ගැන උනන්දුව දක්වන සියලු දෙනාටම සහභාගී විය හැකි විවෘත සංවාද සභාවකි.

‘සුද’ නමින් කාව්‍ය සංග්‍රහයක් පළකරමින් සාහිත්‍ය ග්‍රන්ථකරණය ඇරඹි ඉසුරු චාමර සෝමවීර 2011දී ‘තාණ්ඩව’ සහ 2016දී  ‘අප දෙදෙන මැද මහ මුහුද’  මැයෙන් කාව්‍ය කෘති දෙකක් පළ කළ අතර 2012 දී පළ කළ ‘මලක් කතා කරයි’ කෙටි කතා කෘතිය එම වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ විශාල පාඨක විචාරක අවධානයක් දිනා ගත් කෘතියකි.