G 20 රැස්වෙයි

Previous Next

G 20 ලොව දැවැන්තයින්ගේ හමුව අද ඉතාලියේ රෝම නුවරදී ආරම්භ විය. 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකකට පසුවයි මෙලෙස G 20 නායකයින් මුහුණට මුහුණ හමුවන්නේ. චීන සහ රුසියා නායකයින් පමණක් මෙවර සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.

ලෝක ජනගහනයේන් 70 % ක් 2022 වසරේ මැදභාගය වන විට එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමටත් දුප්පත් රටවලට එන්නත්කරණය සඳහා උපකාර කිරීමටත් ලෝක නායකයින් අද සාකච්ඡා කර තිබේ. එසේම ආර්ථික සහ බදු ප්‍රතිපත්ති පිළිබඳ අද සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූ බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.

දේශගුණ වෙනස්වීම් අභියෝග පිළිබඳ හෙට සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

එසේම මෙවර G 20 පවුලේ ඡායාරූපයට සුදු කබායෙන් සැරසුන වෛද්‍යවරුන් සහ රතුකුරුස සාමාජිකයින්ද එක් කර ගැනීම විශේෂත්වයක්.ඒ කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දීමේදී ලොව පුරා සෞඛ්‍ය අංශ සිදුකරන සේවයට උපහාරයක් ලෙසයි.

8039ed8d2b13458bb5690d1a3d464461.jpeg