රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති CID අත්අඩංගුවට !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති CID අත්අඩංගුවට !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස සැළකෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ ය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් අත්අඩංගුවට පත් වූ ඔහු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.