හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප !

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප !

මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දැඩි කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ අද (05) නියෝග කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර අද උදෑසන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවන් විය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.