හැටන් කඳු රක්ෂිතයේ ගින්නක් !

හැටන් කඳු රක්ෂිතයේ ගින්නක් !

හැටන් සිංගිමලේ කඳු රක්ෂිතයේ අද (13) උදෑසන 9.00 ට පමණ ගින්නක් හටගෙන තිබේ. පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න සිඝ්‍රයෙන් කදු මුදුන දක්වා පැතිර යමින් පවතින අතර මේ වන විට හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, පොලීසීය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමමින් සිටියි.

සිංගිමලේ කඳු රක්ෂිතයේ කදුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම , පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර එම රක්ෂිතය තුල දුර්ලභ ඝනයේ දැව සහ ආයුර්වේද ඖෂධ පැළෑටි ගණනාවක් ඇති බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් පවසයි. හැටන් අඩවි වන නිලධාරී එස්. අජන්ත සඳහන් කර සිටියේ
කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක පළවන බවයි. එමෙන්ම පසුගිය කාලයේදීද මෙවැනි ගිනි තැබීම් රැසක් වාර්තා වූ බව හැටන් අඩවි වන නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.