කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකු කොරෝනා ආසාධිතයෙකු බව ඊයේ (07) තහවුරු වීමත් සමඟ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින් PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ සම්බන්ධව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක සඳහන් කර සිටියේ ඊයේ දිනයේදීද සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.