මුඛ ආවරණ ගැන ඇත්තම කතාව ! වැඩ බලන පොලිස්පතිට ලිපියක් !!

මුඛ ආවරණ ගැන ඇත්තම කතාව ! වැඩ බලන පොලිස්පතිට ලිපියක් !!



සාමාන්‍ය පුද්ගලයන්ට මුඛ ආවරණ  භාවිතා කිරීම සඳහා නිර්දේශ නොකරන බව පවසමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ වැඩබලන පොලිස්පතිවරයාට අද ( 26) ලිපියක් යොමුකර තිබේ. ඔහු එමගින් පෙන්වා දී තිබෙන්නේ එදිනෙදා ජීවන කටයුතු වල නිරතවන සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බවත් භාවිතා කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝග පැතිරීමේ අවදානම වැඩි වන බවත්ය. එම නිසා සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිතා නොකිරීම සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී එය වරදක් ලෙස නොසලකන ලෙසද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

නමුත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින්, ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් මෙන්ම රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින් සහ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවත් ඔහු එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.