ඇඳිරි නීතිය ගැන නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රකාශයක් !

ඇඳිරි නීතිය ගැන නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රකාශයක් !

 නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද (09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක වන බවට තොරතුරු පැතිර යන අතර එම ප්‍රචාර අසත්‍ය බවත් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.