නියෝජ්‍ය ඇමති පාලිත 16 තෙක් රිමාන්ඩ් !

නියෝජ්‍ය ඇමති පාලිත 16 තෙක් රිමාන්ඩ් !
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු 06 දෙනෙකු අද (10) රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තෙබුවන පොලිස් වසමේ ට්‍රොයිට් වතු යායේ වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ සිද්ධියක දී පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද කඩ කරමින් එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරු ඇතුළු හය දෙනෙකු අද (10) පෙරවරුවේ අධිකරණයට භාර වී ඇති අතර මතුගම මහේස්ත්‍රාත් එන්.එච්.එච්. හල්පන්දෙණිය විසින් ලබන 16 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත.