විස්සට එරෙහිව මංගල සටනට !

විස්සට එරෙහිව මංගල සටනට !

20 වැනි සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරන ලෙස තමා සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින බව එජාප හිටපු මන්ත්‍රි මංගල සමරවීර පවසා සිටියි. ඔහු කියාසිටින්නේ 20 වැනි සංශෝධනය ගෙන ඒම තුළින් පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට රටේ නීතියට අනුව කටයුතු කිරීමට නොහැකි බවත් එය හරියට නව ක්‍රිකට් නායකයකු පත් කළ පසු ඔහුට ඊට අදාළ ක්‍රිකට් නීතිවලට යටත්ව ක්‍රියාකරන්න නොහැකි බව පවසනවා වැනි උදාහරණයක් බවත්ය. නීතියේ රැහැනට හසු නොවී කටයුතු කිරීමට අවශ්‍ය අය මෙලෙස නව නීති ස්ථාපිත කර ගැනීමට උත්සාහ දරන බැවින් මෙයට සම්මාදම් නොවීමට සියලු මන්ත්‍රිවරුන් ක්‍රියාකිරීම ඉතා අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.