එක වසරේ දරුවන්ට ලොකු සර් එවූ ආදරණීය ලියුම !

එක වසරේ දරුවන්ට ලොකු සර් එවූ ආදරණීය ලියුම !

ගලෙන්බිඳුණුවැව පුස්දිවුල්වැව විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පළමු වසරට ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන දරුවන් හට ආදරණීය ස්වරූපයෙන් රාජකාරි ලිපියක් යවා තිබේ. එම ලිපිය සමාජ මාද්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ අතර එම ලිපිය පහතින්,

ආදරණීය සඳලි දියණිය වෙත,

පුතේ 2021 අවුරුද්දට අපේ ඉස්කොලෙට එකතු වෙන්න ඔයා ඉල්ලුම් කල එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. අපේ පාසලේ හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා පුංචි ඔයා ඉස්කොලෙට එනකම්. ඉතින් පුතේ ඔයාව ඉස්කෝලෙට ඇතුල් කරගන්න  කලින් ඔයාගෙ අම්මායි තාත්තගෙයි දෙමාපිය රැස්වීමක් මේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා උදේ 9.00ට අපේ ඉස්කොලේ පරිගණක විද්‍යාගාරයේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හින්දම මගේ පුතාගේ අම්ම හරි තාත්තා හරි එවන්න මතක ඇතුවම. අපේ ලොකු ඉස්කොලෙට ඔයාට එන්න ඕන දවස එදාට අපි අම්මට හරි තාත්තට කියනවා.එතකම් ඔයා පරිස්සමින් සතුටින් ගෙදර ඉන්න හොඳද පුතේ.

මීට
ලොකු සර්

IMG 20200923 WA0029