අපි කම්මැලි වුණොත් පක්ෂය පාවා දුන්න කියලා කියයි ! - දයාසිරි ජයසේකර

අපි කම්මැලි වුණොත් පක්ෂය පාවා දුන්න කියලා කියයි ! - දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වූයේ අවබෝධතා ගිවිසුමක් සමඟ බවත් කම්මැලි නොවී ශ්‍රීලනිපය ගොඩ නැගීම සිදු නොකළොත් පක්ෂය පාවා දුන්නේ යැයි චෝදනාවක් එල්ල විය හැකි බවත් එම පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර පවසයි. තමන් ඉදිරියට ඡන්දය ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයෙන් බවද දයාසිරි ජයසේකර වැඩි දුරටත් කියා සිටියි. හෙතෙම මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්තාවේදීය.