ඇඳිරි නීතිය හෙට (09) අවසන් ! ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් !!

ඇඳිරි නීතිය හෙට (09) අවසන් ! ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් !!

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(09) අලුයම 5.00ට අනිවාර්යයෙන්ම ඉවත්වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට සහ තවත් පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නීතිය පනවනු ලැබු අතර පසුගිය 29 වනදා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබීය. එය නොවැම්බර් මස 02 වැනිදා ඉවත් කිරීමට නියමිතව තිබුනද රෝගීන් වාර්තා වීම නිසා එය හෙට (09) අලුයම 5 දක්වා දීර්ඝ කළේය.

කෙසේවෙතත් හෙට (09) ඇඳිරි නීතිය ඉවත් කළද, රෝගීන් වාර්තාවන ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව එලෙස හුදෙකලා කර ඇති පොලිස්බල ප්‍රදේශ වන්නෙ,

කොළඹ දිස්ත්‍රික්කය:
මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිස්වසම
ආදුරුප්පු වීදිය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය කෙසෙල්වත්ත
බොරැල්ල

ගම්පහ දිස්ත්‍රික්කය:
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇල
සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය:
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාම සේවාවසම

කෑගල්ල දිස්ත්‍රික්කය:
මාවනැල්ල
රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
කුරුණෑගල නගර සභා සීමාව
කුලියාපිටිය පොලිස්වසම

මෙම හුදෙකලා කරන ලද පොලිස්වසම්වලට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවිමට හැකියාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර  මෙත්සඳ සෙවණ, මිහජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, සිරිසඳ උයන දෙමටගොඩ, මාලිගාවත්ත NHS නිවාස යෝජනාක්‍රමවල ජීවත්වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කර නිවාස තුළම රැඳී සිටින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.