බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ !

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ !

බස්නාහිර පළාතේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වැනි සඳුදා අලුයම 5.00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට හෙට (02) උදෑසන 5.00 සිට 9 වැනිදා උදෑසන 5.00 දක්වා මෙම  නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් එම ප්‍රදේශ වල ජීවත්වන ජනතාව නිවෙස්වල රැඳී සිටිය යුතු බවත් යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියි.