බේරුවලත් අවදානම් ! රතු නිවේදනය නිකුත් කෙරේ !!

බේරුවලත් අවදානම් ! රතු නිවේදනය නිකුත් කෙරේ !!

බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කර තිබේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය සදහන් කර සිටින්නේ මේ වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 13ක් හඳුනා ගෙන රෝහල් ගතකර ඇති අතර ඉන් 7 දෙනෙකුම  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බවයි. ඒ හේතුවෙන් බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කර ඇති බව ඔවුන් සදහන් කර සිටියි.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න පවසා සිටින්නෙ මෙම කොට්ඨාසය තුළ පුද්ගලයන් 135 දෙනෙකු මේ වන විට නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති බවයි.  එමෙන්ම පුද්ගලයන් 206 දෙනෙකු ස්වයං නිරෝධායන කටයුතු වලට යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් පවසන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නෙ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල විදෙස් සංචාරකයන් මෙන්ම සිංගප්පූරුව ,කොරියාව, ඉන්දියාව, ඩුබායි සහ මැඩගස්කර වැනි රටවල් වලින් පැමිණි දේශීය පුද්ගලයන්ද ජීවත්වන බවයි.