මෙරට සිටි රුසියානු ජාතිකයාට කොරෝනා ! 23 ක් ඇතුලු පිරිස නිරෝදායනයට !!

මෙරට සිටි රුසියානු ජාතිකයාට කොරෝනා ! 23 ක් ඇතුලු පිරිස නිරෝදායනයට !!

ලංකාවට පැමිණ සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පුද්ගලයා ඇතුලු තවත් 15 දෙනෙකු ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරය සඳහා මෙරටට පැමිණ තිබේ. ඔවුන් අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

එහිදී එක් රුසියානු ජාතිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත. කෙසේවෙතත් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහල වෙත යොමු කර තිබේ. මේ අතර ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා සිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති බවයි.