Covid-19 ගැන නවතම හෙළිදරව්වක් !

Covid-19 ගැන නවතම හෙළිදරව්වක් !

Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ ඕස්ට්‍රේලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් නව සොයාගැනීමක් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයට අනුව කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව තහවුරු කරගෙන තිබේ.

වික්ටෝරියා හිදී සිදුකළ මෙම පර්යේෂණය මගින් කොරෝනා වෛරසයට සීතල උෂ්ණත්වය සහ වායු අංශු මත පැය 03ක කාලයක්  වඩා හොදින් නොනවැසි පැවතිය හැකි බවද සොයාගෙන තිබේ.  කෙසේවෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් කියා සිටියේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා වීමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි.

ඒ අනුව වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.