COVID-19 ; අද මෙරටින් මරණ තුනක් !

COVID-19 ; අද මෙරටින් මරණ තුනක් !

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අද (27) මෙරටින් පුද්ගල මරණ 03ක් වාර්තා විය. ඉන් පළමු මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වූ අතර එම පුද්ගලයා ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති අයෙකි. ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙලී සිට ඇති බවද වාර්තා වෙයි. 

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ අතර සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නෙ අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබේ.